ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 5,908ක මුදලක් ප්‍රමාණවත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා
ප්‍රකාශයට පත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. 2021 වාරී මාසයේදී එම අගය රුපියල් 5,770ක් විය.දිස්ත්‍රික්ක අනුව සලකා බැලීමේදී පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේය. එම අගය රුපියල් 6,414කි. දුප්පත් නොවීම වෙනුවෙන් අඩුම වැයක් දැරීමට සිදුව ඇති දිස්ත්‍රික්කය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයයි. එම අගය රුපියල් 5,563කි. මූලික අවශයතා සපුරා ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්ක අනුව වැය කළ යුතු අවම අගයන් (රුපියල්), කොළඹ - 6,414, ගම්පහ - 6,218, කළුතර - 6,187, නුවර - 6,121, මාතලේ - 6,011,
නුවරඑළිය - 6,284, ගාල්ල - 5,834, මාතර - 5,646,හම්බන්තොට -5,667 , යාපනය- 5,775, මන්නාරම - 5,901, වවුනියාව - 5,789, මුලතිව් - 5,733, කිලිනොච්චි - 5,670, මඩකලපුව - 6,018, අම්පාර - 5,908, ත්‍රිකුණාමලය - 5,852, කුරුණෑගල - 5,821, පුත්තලම - 5,767, අනුරාධපුර -5,703, පොළොන්නරුව - 5,929, බදුල්ල - 5,589, මොනරාගල 5,563, රත්නපුර -5,860, කෑගල්ල - 6,145.
Comments
Post a Comment
Your comment will be visible after approval