අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය.
ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද සහ හෙට (19-20 ) විදුලි ඉල් ලුම සති අන්ත දින දෙක නිසා අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි කොමිසම අපේක්ෂා කර තිබෙන බව ද නමුත් සඳුදා සිට අවශ්‍ය බවද පැහැදිලි කළේය.
ඩීසල් හා නැප්තා ඉන්ධන නොලැබීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක පමණ විදුලි ධාරිතාවයක් අහිමිවීම නිසා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුව තිබේ.
විදුලිය කප්පාදු කිරීම දහවල් 2.30 සිට සවස 6.30 දක්වා කාලය අතරතුරදී පැයක කාලයක්ද, සවස 6.30 සිට රාත‍්‍රි 10.30 දක්වා කාලය අතරතුරදී විනාඩි හතළිස් පහක කාලයක් ද සිදු කරයි.
කාලසටහන මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval