one-hour-power-cut-islandwide

 අද (22) දිනයේත් දිවයින පුරා පැය 02ත් 03ත් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.


එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ,

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත පස්වරු
04.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ කාණ්ඩ 11ක් යටතේ එම විදුලි කප්පාදුව අද දිනයේ සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති
ජනක රත්නායක මහතා සඳහන් කළේය.

"ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරා අද දිනයේ, විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය බව. ඒ
සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසරය ලබාදුන්නා. ඊයේ වගේම අදත් විදුලිය 4.30ට පස්සේ
කැපෙන්නේ. විශාල සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය ලියන නිසා දවල් කාලයේ දී විදුලි කප්පාදුවක්
සිදුවෙන්නේ නෑ. කාණ්ඩ 2ක් අනුව. එක කාණ්ඩයක් පැය දෙකකුත් අනෙක් කාණ්ඩය පැය 3කුත් වශයෙන්
4.30 සිට 10.30 දක්වා. ඒ අනුව A,B,C කාණ්ඩයට පැය 2කුත් අනෙක් කාණ්ඩවලට පැය 3කුත් විදුලි
කප්පාදුව සිදුවෙනු ඇත. හෙට දිනයට අපිට අද තියෙන තත්ත්වය අනුව කියන්න පුළුවන්."



මේ අතර ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් දෛනිකව තීරණය කරන බව
ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (21) දිනයේ ද දිවයින පුරා පැය 02කට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබීය.