latha-mangeshkar-passed-away


ජනප්‍රිය ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් ජීවිතයෙන් සමුගෙන තිබෙයි.
මියයන විට ඇයගේ වයස 92 කි.  ඇය පසුගිය ජනවාරි 11 දා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ කොවිඩ් -19 සඳහා ධනාත්මක වීමෙන් පසුවය. ඇය නියුමෝනියාවෙන් ද පෙළෙන බව රෝහල් ආරංචි වාර්තා කර තිබුණි.



මංගේෂ්කාර්ට ප්‍රතිකාර කරන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය ප්‍රතිත් සම්ධානි පැවසුවේ දැඩි සත්කාර ඒකකය තුළ අවශ්‍ය සියලු ප්‍රතිකාර කළ නමුත් ජීවිතය බේරාගන්නට බැරි තරමට ඇය දුර්වලවූ බවයි.



ලතා මංගේෂ්කාර්,  ‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙස හඳුන්වනු ලබන සම්මානනීය ගායිකාවයි.

ඇගේ බාල සොහොයුරිය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ වන අතර ඇය ඇතුළු සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් ලතා වැඩිමලා වේ.  ලතා මංගේෂ්කාර් වයස අවුරුදු 13 සිට ගායනයට පිවිසි අතර
දශක හතකට ආසන්න කාලයක් පුරා ක්‍රියාශීලී වෘත්තියක්  දරමින් ගෞරවයට පාත්‍ර වූවාය.
ලතා මංගේෂ්කාර් 1969 දී පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.