අද (6) වන දින අළුයම් කාලයේදී දෙහිවල කල්දේරා පාර, ප්‍රදේශයේදී පිහියකින් ඇනීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කරයි.
දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මියගිය තැනැත්තා වයස අවුරුදු 18 ක් වන කල්දේරා පාර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම ඝාතනය කලක සිට පැවති ආරවුලක් මත බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකල සැකකරුවන් හදුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval