අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව රුපියල් 177ක්ව පැවති පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 210ක්ව පැවති එහි නව මිල රුපියල් 213ක් වේ.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබේ. රුපියල් 121ක්ව පැවති එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval