hurricane-eunice-caused-chaos-across-europe

අත්ලාන්තික් සාගරයෙන් ඇරඹි වයඹ දිග යුරෝපය හරහා හමාගිය ඉයුනිස් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (20)දා දිනය වනවිට පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.  තවත් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති අතර, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසක ප්‍රදේශ කිහිපයකම විදුලිය ඇනහිටීමක්ද සිදුව තිබේ.මෙහිදී පැයට කිලෝමීටර් 196ක පමණ වේගයකින් සුළ හමායාම සිදුව ඇතැයි පැවසෙයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩනය හරහා හමා ගිය සුළග හේතුවෙන් එහි පිහිටි O2 Arena ගොඩනැගිල්ලටද හානි සිදුව තිබේ. මෙම ඉයුනිස් සුළි කුණාටුව පසුගිය සිකුරාදා  බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල්හිදී රට තුළට ඇතුළු වී ඇති අතර, ඒ හේතුවෙන් වෙරළ තීරයේදී මීටර් ගණනක් ඉහළට දරුණු රළ පහරක්ද ඇතිව තිබේ.මෙය එරට ලන්ඩන් නුවර වෙත ප්‍රථම වරට සුළි කුණාටුවක් හේතුවෙන් රතු නිවේදනයක් නිකුත් කෙරුණු පළමුවැනි අවස්ථාව වූ අතර,

1987 වසරේදී බ්‍රිතාන්‍ය සහ උතුරුදිග ප්‍රංශයට එල්ල වූ මහා සුළි කුණාටුවෙන් පසුව යුරෝපයට බලපෑ දරුණුතම කුණාටු තත්ත්වය ලෙසින්ද සැලකෙයි.එසේම ඊයේ දිනයේදිද යළිත් වරක් පැයට සැතපුම් 80ක පමණ වේගයෙන් බ්‍රිතාන්‍ය වෙත සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්ද පැවතුණි.

ඒ අනුව ඊයේ දිනයේ සිට අද පස්වරු 3.00 දක්වාම එංගලන්තය සහ වේසය වෙත 'කහ අනතුරු ඇගවීම්ද නිකුත්ව තිබුණි. මරණ අතරින් තුනක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. එහිදී ලන්ඩන් නුවරදී මෝටර්ථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ගසක වැලදීමෙන්ද,  කාන්තාවක් ගමන් කරමින් සිටි රථයටපාවී ආ සුන්බුන් වැදීමෙන්ද, හැම්ප්ෂයර්හි පුද්ගලයෙකු ගමන්කළ රථයක් මතට ගසක් කඩා වැටීමෙන්ද මෙම මරණ සිදුව තිබේ.එසේම නෙදර්ලන්තයේදි ද ගස් කඩා වැටීමෙන් මරණ තුනක් වාර්ත වී ඇත. බෙල්ජියමේ රෝහලක් මත ඉදිකර තිබූ දොඹකරයක්ද සුළග හේතුවෙන් කඩා වැටී තිබේ.

අයර්ලන්තයේදී පුද්ගලයෙකු කඩා වැටුණු ගසකට සිරවී මිය ගොස් ඇත. ජර්මනියේදි පුද්ගලයෙකු තමන් පැද ගිය රථයට ගසක් වැටීමෙන් මරණයට පත්ව තිබේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපොළ රැසක මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇත. ඒ අනුව එරට තුළදී පමණක් අත්හිටවූ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 436කි. මේ අතර බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු සුළි සහ වැහිබර කාලගුණික තත්වය ලබන සතිය දක්වා පවතින ඇතැයි සඳහන් වෙයි. මෙය සුළි කුණාටුව හේතුන්වෙන් සිදුව ඇති ආපදාවන් යථාවත් කිරීම් වෙත බාධා එල්ල කරනු ඇතැයිද එම කාර්යාලය පවසයි.