පැනඩෝල් ඇතුළු පැරසිටමෝල් පෙතිවල උග්‍ර හිගයක් පවතින බවට පැතිරෙන කතාව සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙසේ කියා තිබේ.
‘ඇතැම් වෙළෙඳ නාම සහිත වේදනා නාශක පැරසිටමෝල් පෙතිවල යම් හිඟයක් පවතින බව ඇත්තෙ. ඒත් සාමාන්‍ය පැරසිටමෝල් පෙතිවල හිගයක් නැහැ. මෙම පෙති නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් සිදුව ඇති හෙයින් මේ තත්ත්වය මතුවෙලා තියෙන්නෙ.
දේශීය සමාගම් පාඩුයි කියල පෙත්ත වෙළෙඳපොළට දාලා නැහැ.පැරසිටමෝල් පෙත්තක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 1.70 යි. පෙත්තක් එම මිලට අලෙවි කිරිමට හැකියාවක් නැති බව නිෂ්පාදකයන් දැනුම්දී තිබෙනවා. පැරසිටමෝල් පෙත්තක මිල සංශෝධනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව නිර්දේශ සපයලා තියෙන්නේ.
ඉදිරි දෙසතියේදී ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි හිතෙනවා.‘
Comments
Post a Comment
Your comment will be visible after approval