LIOC ලංකා ඉන්දියානු තෙල් සමාගම සිය ඉන්ධන මිල ඊයේ (25) රාත්‍රී සිට ඉහළ දමා තිබෙයි. එම සමාගමේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ ගොස් ඇති අතර
නව මිල ගණන්වලට පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 204 ක් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 139 ක් වෙයි.
LIOC ඉන්ධන මිල යළි ඉහළ දැමීම හමුවේ, බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වන බවයි.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති නමුත් මිල ඉහළ යාමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යමින් ඇති පසුබිමක් නිර්මාණයවී ඇතැයිද එය ගැටලුකාරී බවද බලශක්ති අමාත්‍යාංශය පවසයි.
බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval