මහරගම පිළියන්දල පාරේ පල්ලිගෙදර ප්‍රදේශයේ පිහිටි හාඩ්වෙයාර් වෙළෙඳසැලක මීට සති තුනකට පමණ පෙර ජනවාරි 19 වනදා ඇතිවූ පිපිරීමක් හා ගින්නක් නිසා සිරුරට ගිනි ඇවිලී පිළිස්සුම් තුවාල ලද දෙන්නෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මේ දෙන්නාව පිපිරීම සිදුවූ අවස්ථාවේ බේරාගෙන එලියට ගන්නා නමුත් රෝහල් ගත කිරීම පසෙක තිබා වෙළෙද සලේ පිරිස් ගින්න නිවීමට හා වටිනා දේවල් ආරක්ෂාව වෙනුවෙන් බඩු අදින්නට කටයුතු කර තිබූ අතර මේ හේතුවෙන් පිළිස්සුම් ලද සේවකයින් දෙන්නා ගැන බැලුවේ පසුවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකු සහ 26 හැවිරිදි වියේ පසුවූ අවිවාහක තරුණයෙකි. ඔවුන් ඥාතීන් වූ බවද පැවසේ.
පසුගිය 19 වනදා මෙම ගින්න හටගෙන ඇති අතර කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර සිටියදී සිරුරට ගිනි ඇවිලී රෝහල්ගතකර සිටි දෙදරු පියා 23 වනදා සහ පෙබරවාරි 4 වනදා 26 හැවිරිදි තරුණයාද අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.
ඥාතීන් චෝදනා කරන්නේ වෙළෙඳසැලේ හිමිකරුවන් විසින් ගිනිගත් වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කරද්දී සිරුරට ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් කලේ නම් ජීවිත බේරාගන්නට හැකියාව තිබූ බවයි. නිරපරාදේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූ බවය.
මේ දක්වා අදාළ වෙළෙඳසැල පාර්ශවයෙන් මියගිය දෙදෙනා වෙනුවෙන් කිසිදු සොයාබැලීමක් කර නැති අතර තමන්ට මේ නිසා ලක්ෂ 3 ක් පාඩුවූ බව පමණක් දන්වා ඇත.
සවිකර තිබූ CCTV කැමරාවල පිපිරීම සටහන්ව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval