The-couple-who-went-to-Nuwara-Eliya-and-slept-in-a-barbecue-room-has-died

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි වැඩිහිටි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ පුද්ගලික නවාතැන්පොලක කාමරයක් තුළ අද (27දා) දින අලුයම මියගොස් තිබේ.


කුරුණෑගල සිට පැමිණි  ඔවුන් පවුලේ සමාජිකයන් සමග (26) දින පැමිණ එදින මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනකින් මස් පුළුස්සා අනුභව කළ බවත් එසේ කිරිමෙන් අනතුරුව අධික ශීතල නිසා බාබකියු උදුන කාමරයේ තබාගෙන එහි රස්නය විඳමින් නින්දට ගොස් ඇති බව කියැවිණි.
අද (27) දින අලුයම යුවළ අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් දොරවල් කඩා කාමරය විවෘත කර බලන විට දෙදෙනාම මියගොස් ඇති බව අනාවරණය විය.
පොලිසිය පැවසුවේ බාබකියු උදුන දල්වා සිටීම නිසා කාමරයේ ඔක්සිජන් හිඟවී හුස්මගැනීමේ අපහසුව නිසා මෙසේ මියයන්නට ඇති බවයි.


ගෙවුණ කාලය තුළ මේ ආකාරයට 06 දෙනෙකු පමණ බාබකියු උදුන් නිසා ජිවිතක්ෂයට පත් වි ඇති බවද පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ගොකරැල්ල නැකන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඒ.කේ.හේරත් (59) හා එම්.ඒ.එම්.එන්.මොලගොඩ (58) යන අයයි. මිය ගිය කාන්තාව කුරුණැගල රෝහලේ සේවය කරන හෙදියක් බවද පැවසිණි.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ
පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.