Investigations-into-an-LTTE-photograph-of-an-army-vehicle-on-Independence-Day

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් දින පෙළපාලියේදී  රණවිරුවන් රැගත් හමුදා ප්‍රදර්ශන රථයක එල්ටීටීඊ සටන්කරුවන්ගේ ඡායාරූපයක් පෙන්නුම් කර සරසා තිබීම සම්බන්ධයෙන් වාර්තාවේ.


ශ්‍රී ලංකා හමුදාවේ සටන්කාමීන් නිරුපණය කළ පෙළපාලියේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ගමන් කළ මෙම රථය වටා ඡායාරූප මගින් "රණවිරුවන්" නිරූපණය වූ අතර එක් ඡායාරූපයක සිටින්නේ 2008 සැප්තැම්බර් වන්නෙරික්කුලම් සටනක ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් වැදුණ එල්ටීටීඊ සෙබළෙකුගේ ඡායාරූපයකි. එල්.ටී.ටී.ඊ.ය විසින් නිකුත් කරන ලදැයි කියන මෙම ඡායාරූපය එවක ටැමිල් නෙට් වෙබ් අඩවියේ පළ කර තිබී ඇත.
මෙම ඡායාරූපය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා හමුදාව නොදැන මෙම රණවිරුවන්ගේ ප්‍රදර්ශන රථයට එය ඇතුළත් කර තිබී ඇති අතර
 ඡායාරූප තේරීමට වගකිවයුත්තන් අතින් දෝෂයක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ඡායාරූපය ගැන හෙළිදරව්වක් ‘ටැමිල් ගාර්ඩියන්‘ වෙබ් අඩවිය මගින් සිදු කර තිබෙන අතර ඉන් පසු ඒ ගැන ශ්‍රී ලංකා හමුදාවේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට ඇත.


ජනපති අගමැති ප්‍රමුඛ ආරාධිතයින් පසුකර ගමන් කළ මෙම රථය පෙළපාළියේ ගමන් කළේ අදාළ ඡායාරූපයද සහිතවය.
හමුදා රථයේ රණවිරු ඡායාරූප අතර දෙවැනිතැන පළ කර තිබූ එල්ටීටීඊ ඡායාරූපය පහතින්