නීති විරෝධී ලෙස ඇද තිබූ සජීවී විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදී මියගිය බවට සැක කෙරෙන වන අලියෙකුගේ මෘත දේහයක්
ගිරාදුරුකෝට්ටේ දිවුලපැලැස්ස උඩවැව වැව් ඉස්මත්තේදී හමුව තිබේ. රක්ෂිත භූමියට යාබද කුඹුරක් වටා මෙම විදුලි රැහැන ඇද තිබුණි.
උසින් අඩි 10ක් පමණ වූද වයසින් අවුරුදු 35-40 අතර වූද මෙම වන අලියා පිරිමි සතෙකි.
මේ පිළිබදව දිවුලපැලැස්ස පොලීසිය හා ගිරාදුරුකෝට්ටේ වන අලි පාලන නිලධාරිහු පැමිණ පරික්ෂණ කටයුතු සිදු කර තිබේ.
රන්දෙනිගල වන ජීවී කාර්යාලයේ වන ජීවී පශු වෛද්‍ය නිලධාරි අකලංක පිනිදිය මහතා පැමිණ සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණ අනුව හෙළිවී ඇත්තේ විදුලි සැර වැදිම නිසා ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ හානි හේතුවෙන් වන අලියා මිය යන්නට ඇති බවයි.සිද්ධියට අදාළව එම කුඹුර හිමි 69 හැවිරිදි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන මහියංගණ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval