ගාල්ල කටුගොඩ ප‍්‍රදේශයේ පිහිනුම් තටාකයක ගිලීමෙන් එකම පවුලේ හත් හැවිරිදි දැරියක හා නම හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. පිහිනුම් තාටාකය තුළ ගිලීමෙන් පසු මෙම දරුවන් දෙදෙනා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට නව හැවිරිදි වියේ පසුවන පිරිමි දරුවා කරාපිටිය රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් පසු ඉකුත් 30 වැනි දින මියගොස් ඇත. හත්හැවිරිදි වියේ පසුවන දැරිය කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 04 වැනිදින මියගියාය. මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබීය.
මියගිය දැරියගේ පියා හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ කීවේය. මියගොස් ඇත්තේ මාගේ බාල දියණියයි. අපිට දරුවන් තිදෙනකු ඉන්නවා. මගේ බිරිදගේ ගම ගාල්ල කටුගොඩයි.
අපි දරුවන් සමග සයින්දමරදු ප‍්‍රදේශයේ පදිංචිව සිටිනවා. ලොකු දුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ශිෂ්‍යත්ව විභාගය ලීවිම සදහා ඉකුත් 22 වැනි දින දරුවන් තිදෙනා සමග බිරිද සයින්දමරදු සිට ගාල්ලට ආවා. මම දිනපතා බිරිදට හා දරුවන්ට දුරකථනයෙන් කතා කරනවා. මියගිය බාල දියණිය සයින්දමරදු බී.එම්.එම්.එස්. පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා. 27 වැනිදින පස්වරුවේ බිරිද මට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කීවා මගේ පුතා හා දියණිය නිවස අසල ඇති පිහිනුම් තටාකයේ ගිලී රෝහලේ ප‍්‍රතිකාර ලබන බව. මගේ දරුවන් දෙදෙනා හා තවත් දරුවන් තිදෙනකු අත්හරිනු ලැබූ විලා එකක ඇති පිහිනුම් තටාකයකට කාටවත් නොකියා ගොස් ඇති බව දැන ගත්තා.
Comments
Post a Comment
Your comment will be visible after approval