Danu-sues-for-Rs-200-million-from-Pushpika-to-Silva

විජය මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනු ඉන්නසිතම්බි  මහතා, නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් (LOD) ශ්‍රී ලංකා විවාහක රූ රැජිණි පුෂ්පිකා ද සිල්වාට යොමු කර තිබේ.


මෙය පැනනගින්නේ පුෂ්පිකා ද සිල්වා ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බව චෝදනා කරමින්
ඇයට එරෙහිව ඔහු පසුගියදා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුවය.

මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් නිසා ධනු ඉන්නසිතම්බි වෙත ඇමතුමක් ලබාගත් පුෂ්පිකා ද සිල්වා ඔහුට තර්ජනය කර ඇති බව සඳහන් කරයි.
ඊට අමතරව ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ පුෂ්පිකා අසත්‍ය කරුණු පවසා ධනු හට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇති බවද ලිපියේ සඳහන්වේ.
චන්දිමාල් ජයසිංහ සමග ධනූ කළ  සම්මුඛ සාකච්ඡාවකට අදාළවද සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත සහ අසත්‍ය ප්‍රකාශ පුෂ්පිකා සිදුකළ බවට ලිපියේ කරුනු දක්වා ඇත.


එබැවින් ධනු ඉන්නසිතම්බි ගේ මාධ්‍ය කීර්ති නම පළුදු කර ඇතැයිද ඒ වෙනුවෙන් වරද නිවැරදි කර සමාව ඉල්ලා සිටිය යුතු බවත් නැතිනම් රුපියල් මිලියන 200 අලාභය ගෙවන ලෙසත් පුෂ්පිකා ද සිල්වා වෙත යැවූ ඉල්ලීම් ලිපියේ (LOD) දැක්වේ.

මීට ඉහත හිටපු ලෝක විවාහක රූරැජිණි රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහි මිලියන 500 ක එන්තරවාසි ලිපියක් යොමු කර තිබුනේ  ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ අසත්‍ය හා ද්වේශසහගත කරුණු පැවසූ නිසාය.

ධනුට යොමු කළ ලිපිය පහතින්