
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයකු මෙලෙස ඇදවැටී ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ගෙනවිත් තිබූ බව වාර්තා විය.
අසාධ්‍ය තත්ත්වයේ සිටි එම රෝගියාට අවශ්‍ය සියලු ප්‍රතිකාර විධිවිධාන සලසා තිබූ බවත් වෛද්‍යවරුන් කීප දෙනෙකුම ඔහු ගැන සොයා බලා තිබුණ බවත් වාර්තා විය.
නමුත් එකී රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු ඇතුළු 15 දෙනකු පමණ පිරිසක් බලහත්කාරයෙන් රෝහල් භූමියට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට හෙද කාර්ය මණ්ඩලයට ද පරුෂ වචනයෙන් බැනවැදී ඇතැයි වාර්තා විය.
තරුණයාට ප්‍රතිකාර කරන ලෙස ඔවුන් බලකර ඇති අතර අනවශ්‍ය ඇතුළුවීමක් හා රාජකාරියට බාධා කිරීමක් සිදු කර ඇතැයි රෝහල් ආරංචි වාර්තා කරයි.
පරුෂ වචනයෙන් බැන වැදුණ පිරිස පිටව ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධ පැමිනිලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval