මස්කෙළිය ගඟේ වත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් නිවස තුළ අභිරහස් ලෙස මිය යැමේ සිද්ධියට ඇයගේ සැමියා සැකපිට  19දා අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පැවසීය.එම ප්‍රදේශයේ පදිංචි වසන්ත මලර් 24 නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 



පෙරේදා (19දා) උදෑසන අවදි වී බලන විට බිරිද නිදි යහන්ම මිය ගොස් ඇති බව ඇයගේ සැමියා විසින් මකෙළිය පොලීසියට දැනුම් දී තිබේ. මෙම මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිතර නිතර අඩ දබර සිදු වන බවත්, මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී සැමියා විසින් පහර දීම සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියට සහ ඇය මුල් පදිංචිව සිටි බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබූ බවද ප්‍රදේශවාසීහු පවසා සිටියහ. සැකකාර සැමියා කුලී රැකියාවක නිරතව සිටින බවත්,

පසුගිය (18) දිනයේද අඹුසැමියන් අතර ආරවුලක් ඇති වූ බව එම නිවස ආසන්නයේ පදිංවි වතු කම්කරුවෝ පැවසූහ. මියගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරියගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව මස්කෙළිය පොලීසිය පැවසීය. මස්කෙළිය පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරයි.