university-full-capacity-start

දැනට පවතින ප‍්‍රායෝගික ගැටලූ කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලූ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මේ වනවිට 50% ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත.


සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ලබන සතියේදී උපකුලපතිවරුන් සමග එක්ව පැහැදිලි කිරීමක් ද සිදු කරන බව සභාපතිවරයා කීය.

 විභාග පැවැත්වීම හා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවා ගැනීම් ආදී කටයුතු ද මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදු කරමින් පවතින බවද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.