umali-tilakaratne-second-wedding
ටෙලි නාට්‍ය නිළි උමාලි තිලකරත්නගේ විවාහ උත්සවය ලබන පෙබරවාරි මාසයේ සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි තවම සනාථ නොකළ ආරංචි කිහිපයක් පැතිර තිබේ. ජපානයේ සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර රංගන ශිල්පයේ දස්කම් දැක්වූ උමාලි එම අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු මේ වනවිට බත්තරමුල්ලේ පදිංචිව සිටී.


මේ දිනවල සුවිශේෂ නිර්මාණ කිහිපයකටම දායක වී සිටින උමාලිගේ පෙර විවාහය සාරංග දිසාසේකර සමග පැවති අතර ඇයත් ඔහුත් අතර ඇතිවූ ගැටලුකාරී තත්වයකින් පසු එය අතැර දික්කසාදය සිදුවිය. අනතුරුව සාරංග වෙනත් විවාහයකට පිවිසි නමුත් උමාලි දිගටම තනිකඩව සිටියාය.

ඇයගේ රසිකයින් සමාජ මාධ්‍ය තුළ ඇගේ නව විවාහය සම්බන්ධ විස්තර හුවමාරු කරගෙන තිබෙන අතර එහිදී කියැවෙන්නේ ඇය මේවනවිට මහාචාර්යවරයෙකු සමග විවාහවන්නට සූදානම්ව සිටින බවත් විවාහය ලබන පෙබරවාරියේ පවත්වන්නට කටයුතු යොදා ඇති බවත්ය.
උමාලි තිලකරත්න ෆෑන් ක්ලබ්ට උමාලි පසුගියදා මෙවැනි සටහනක් එක්කර තිබුණි



‘ප්‍රේමය මිනිස්සුන්ව ගොළු කරනවා නැති කරනවා, ලෙඩ කරනවා, දන්නවද… ඒ හැමදේටම වඩා ප්‍රේමය මිනිස්සුන්ව ජීවත් වෙලා ඉද්දිම නැති කරනවා.’