train-strike

ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ දුම්රිය ස්ථානාධිපතිවරු හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබූ අතර මේ නිසා මගීන් රැසක් අපහසුතාවන්ට ලක්විය.




කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල් වලින් පහරදී තිබුණ බවද වාර්තා විය.
ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇත.

මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.