theshara-renuka

දිගින් දිගටම අසාර්ථකභාවයට පැමිණ ඇති ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට දැමීමට සැරසෙන බවට පසුගිය සතියේ සිට දේශපාලන ආරංචි පැතිරුණ අතර දැන් වාර්තාවන්නේ එම තනතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මහතා වෙත ලබා දීමට තීරණය කොට ඇති බවයි.


මහනිද් රාජපක්ෂ අගමැතිවරයාගේ ඥාතියෙකුද වන රේණුක පෙරේරා මහතා මීට ඉහත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිව තනතුර දරා ඉන් ඉවත්වූ අයෙකු වන අතර මින් ඉහත කොලොන්නාව නගර සභා මන්ත්‍රී ධූරයක් දැරුවේය.
ලක්ෂ 20කට අධික වැටුප් හා දීමනා ලබාගන්නා තෙෂාර ජයසිංහ  ඉවත් කර රේණුකට එම තනතුර පිරිනැමීමට අදාළ ලියකියවිලි මේවනවිට සකස්වෙමින් පවතින බවද වාර්තාවේ.