මේ වන විට එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතාට කොවිඩ් 19 රෝගය ආසාදනයවී තිබේ.
ඔහුගේ රෝගය ධනාත්මක බව පරීක්ෂාවී ඇත්තේ එරටදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලදීය. ඒ අනුව ඔහු එරට නිරෝධායනය වී සිටින බවත් ලංකාවට පැමිණීම පමාකර ඇතිබවත් වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නවවසර උදාව වෙනුවෙන් එංගලන්තයට ගොස් සිටි රොෂාන් නැවත ලංකාවට ඒමට සූදානම්වී සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී මේ ආකාරයට රෝගයට ගොදුරුවී ඇති බව දැනගත් බවකි.
මේ දිනවල එංගලන්තයේ ඔමික්‍රොන් කොරෝනා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval