සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බවත් නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් වාර්තාවේ.
ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති අතර ආශ්‍රිතයින්ට දැනුවත් කිරීම් සිදුකර ඇත.
රාජිත සේනාරත්න මහතා 71 හැවිරිදි වියේ පසුවන අතර රෝග කිහිපයකට ප්‍රතිකාර ලබමින් සිටින්නෙකි. ඔහු මීට ඉහත හෘද සැත්කමක්ද සිදුකර ගෙන තිබුණි.
මේ වනවිට මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවද ඔහුට සමීප ආරංචි සඳහන්කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval