මීපේ ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (04) පස්වරුවේ යතුරු පැදියක් සහ බවුසර් රථයක් ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
එහිදී යතුරු පැදියේ ගමන් කළ 48 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇය පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වූ බීඑච් සොමිනි ජයන්ති බව හඳුනාගන්නා ලදි.
බවුසරය පුද්ගලික ගොවිපළකට අයත් එක්ක බව වාර්තා විය. බෝපේ සිට මීපේ දෙසට ඇය යතුරු පැදිය පදවමින් ගමන් ගත් බවත් අනතුරින් පසු ඇය බවුසරයට යටවී සිරවී සිටි බවත් වාර්තා විය.සිහිසුන්ව සිටි ඇය අසල්වාසීන් එක්වී රෝහල් ගත කළ නමුත් ඒ වනවිටත් මියගොස් තිබුණි.
බවුසර් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජිවිතක්ෂයට පත් වූ මන්ත්‍රීවරිය පොදුජන පෙරමුණ නියෝජනය කළ අයෙකු වන අතරබදුරලිය පදිංචිකාරියකි. ඇගේ මෘත ශරීරය පාදුක්ක රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval