අද (30) දින අළුයම් කාලයේදී මීගමුව පොලිස් වසමේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.
මෙහිදී ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා ගණිකා වෘත්තියේ යෙදීමේ අදහසින් රැදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් වයස අවුරුදු 21 හා 40 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන දංකොටුව, බත්තරමුල්ල, තිහගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරු හා සැකකාරියන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval