ඊයේ (29) දින උදෑසන කාලයේදී තඹුත්ගම පොලිස් වසමේදී කුඩා දැරියකගේ ඇග මතට ගේට්ටුවක් කඩා වැටී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමේදී මියයාමේ සිද්ධියක් වාර්තා විය.
මෙම දැරිය ඇගේ මව සමඟ ගුරුවරියකගේ නිවසට ගොස් එම නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ ඇති බවත්, මව නිවසේ ගේට්ටුව ඇරීමට උත්සාහ කිරීමේදී එම ගේට්ටුව දරුවාගේ ඇග මතට කඩා වැටී මෙම අනතුර සිදුවී ඇති බවත් අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 06 ක් වූ ඩී 02 ඇල පාර, මුසල්පිටිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මෘත ශරීරය තඹුත්ගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද 30 වන දින පැවැත්වීමට නියමිතය. තඹුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval