මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක කෝවිඩ් ඔමික්‍රෝන් ආසාදිතයකු ලෙස පරික්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසයි.මේ වනවිට එම පෙර පාසල තාවකාලිකව වසා දමා ඇති අතර
පෙර පාසලේ ඉගෙනුම ලැබූ දරුවන් විසි දෙනකු එහි ප්‍රධාන පාලිකාව සහ තවත් ගුරුවරියක් නිරෝධායනයට ලක් කර ඇති බව ද එම ප්‍රකාශකයා කීය. එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූයේ මෙම පෙර පාසල් ගුරුවරියට මීට දින ගණනකට පෙර කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණෙයකින් පසුව ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව කළ වැඩිදුර පරීක්ෂා කිරීමේ දී ඇයට ආසාදනය වී ඇත්තේ කෝවිඩ් ඔමික්‍රෝන් වයිරසය බවට තහවුරු වූ බවයි.
පෙර පාසල් ගුරුවරියට වයිරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ද එම ප්‍රකාශකයා කීය.
(දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)
Comments
Post a Comment
Your comment will be visible after approval