අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ 2020 විහාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ පසුව සිසුන් 260 දෙනකුගේ සාමාර්ථ වෙනස්වූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවැසීය.
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී සාමාර්ථ වෙනස්වීම ප්‍රතිශතයක් වශයෙන් ගත්කල සියයට 0.4 වන බවද ඔහු සඳහන් කළේය.සෑම වසරකම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේදී යම්ප්‍රමාණයකින් ප්‍රතිඵල වෙනස්වීම සිදුවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval