පසුගියදා විවෘත කරන්නට යෙදුණ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කොටසේ තවම නිම කළ යුතු කටයුතු කිහිපයක් ඉතිරිව පවතින නිසා වාහන තදබදයක්හටගන්නා බවට වාර්තාවී තිබේ.
මීරිගම පිවිසුමෙන් පිටතට එන වාහන සදහා ගමනාන්ත සම්බන්ධ නාම පුවරු විධිමත් ලෙස සකසා නොතිබීම මෙයට බලපා තිබේ.
එහි ගිරිඋල්ල හා පස්යාල මාර්ග ලකුණු කර ඇතත් වරකාපොළ දිවුලපිටිය මීගමුව කටුනායක වැනි නගර කරා යා යුතු මාර්ගයන් පිළිබඳ සලකුණු මෙතෙක් සවි කර නැත.
එසේම මීරිගම පිවිසුමෙන් පිටතට පැමිණ වමට ගමන් කර කණ්ඩලම හන්දියෙන් වරකාපොළ දෙසට ගමන් කළ හැකි වුවද ඒ බව හෝ මීරිගම නගරය දෙසට පැමිණි දංඕවිට හැරෙන හන්දියෙන් වමට හැරී වරකාපොළ හෝ දංඕවිට නගර ඔස්සේ කොළඹ මහනුවර මාර්ගයට ගමන් කළ හැකි වුවද අදාළ මාර්ග සංඥා මෙතෙක් සලකුණු කර නැත.
මීරිගම නගරයේ බෝගහ හන්දියෙන් දකුණට හැරී දිවුලපිටිය කටුනායක කොටදෙණියාව හා මීගමුව දෙසට ගමන් කළ හැකි බවට සලකුණු ද මෙතෙක් දක්වා නැත.
මේ හේතුවෙන් මීරිගම නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවන බව වාර්තාවේ. රියදුරන් මීරිගම නගරයට පැමිණ පොලිස් නිලධාරීන්ගෙන් මාර්ගය විමසන අවස්ථා නිරන්තරයෙන්ම වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval