කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ (20) දහවල් රෝහල ඉදිරිපිට දී විරෝධතාවක යෙදුනේ රාජකාරියේ නියුතු වෛද්‍යවරයකු සපා කා, පහර දී තුවාල කිරීමක් හා සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.
වෛද්‍ය වරුණ දිසානායක මෙම හිරිහැරයට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
රෝහල් ආරක්ෂක නිලධාරීන් සමග පිරිසක් බහින්බස් වන ආකාරය දැක ඒ වෙත ගමන් කළ සිය රාජකාරිය අවසන් කර මෝටර් රථය වෙතට යමින් සිටි වෛද්‍යවරයාට නොහික්මුණ එම පිරිස පහරදී ඇත.
පිරිසේ සිටි තිදෙදෙනකු තමන්ට පහරදුන් බවත්, පහර දුන් දෙදෙනා ගල්වලින් තම හිසට පහර දී ශරීරය සපා කෑ බවත් වෛද්‍යවරයා පැමිණිලි කර ඇත.
පහරදීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බව දක්වා සේවකයින් විරෝධය පළ කර ඇත. පැයකට ආසන්න වේලාවක් විරෝධතාවේ යෙදුණු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සාමකාමීව විසිරී ගියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval