ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සමාජ මාධ්‍ය වෙත මුදාහළ අලුත්ම වීඩියෝවක් ඔස්සේ පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණට තමා වෙහෙසවී වැඩකළත් නාම යෝජනා නොලද බවත් එසේ වැඩ කළ තමාට නාමයෝජනා ලබාදීමට නම් තම සාරිය ගලවන්නැයි ලේකම් ලෙස කටයුතු ‘මෝඩ යකා‘ නම් පුද්ගලයා යෝජනා කළ බවත් හෙළි කර සිටින්නීය.
තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර පෙන්වන ලෙසත් ලස්සන එවිට බවත් ඔහු අවස්ථා දෙක තුනකදී තවත් ‘වෙන්න සභාපති කෙනෙකු‘ සමග එක්ව පැවසූ නමුත් තමා තවමත් සාරිය පටලවා සිටින බවත් මෝඩ යකාගේ රෙදි ගැලවී ගිය බවත් කියා සිටින්නීය.මෙම සිද්ධිය නිසා ඔහුගේ පමණක් නොව නායකයාගේ පවා රෙදි ගැළවී ඇතැයි කියන්නීය.
ඇගේ කතාවේ වීඩියෝ කොටස මෙසේය.
Comments
Post a Comment
Your comment will be visible after approval