එළැඹෙන ඕස්ට්‍රෙලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ. එසේම
ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා සඳහා ශ්‍රී ලංකා පන්දු යැවීමේ උපාය මාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග මහතා පත් කර තිබේ
පෙබරවාරි 11 සිට 20 දක්වා තරග පහකින් සමන්විත තරගාවලිය ක්‍රීඩාංගණ තුනක් ඔස්සේ පැවැත්වේ
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය,ඕවල් සහ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඒවාය.
රුමේෂ් රත්නායක ස්වයං හුදකලාව සිටින බැවින් කන්ඩායම සමග ඕස්ට්‍රෙලියාවට නොයන නමුත් පසුව එක්වනු ඇත.
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස නව කෙටි කාලීන භූමිකාව තුළ පන්දු යවන්නන්, පිටියේ හැසිරීම ගැන සඳහා උපායශීලී තීක්ෂණ බුද්ධිය සහ තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දීම වගකීම් වනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය:
දසුන් ශානක , චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික
කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලහිරු කුමාර, නුවන් තුෂාර, දුස්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ්
තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු
Comments
Post a Comment
Your comment will be visible after approval