අමාත්‍යංශ ගණනාවක සහ තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථා කිහිපයක ප්‍රධාන තනතුරු වෙනස් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් මේ අනුව වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්ය. අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, දකුණු පළාත් ප්‍රධාන ලේකම් තනතුර මෙසේ වෙනස් කිරීමට ඉඩ ඇති තනතුරු බව වාර්තා වෙයි.
මේ හැර ලිට්රෝ ගෑස් සමාගම, ලේක්හවුස් ආයතනය ඇතුළු තවත් රාජ්‍ය සමාගම් ගණනාවක් සඳහා ඉදිරි දෙසතිය තුළ නව ප්‍රධානීන් පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval