තරඟ ආකෘති තුනෙහිම පතාක යෝධයින් බිහිකල ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ සාර්ථකම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාට් කෝලි තවත් එක් කඩයිමක් අද පසුකර ගියේය.
ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ තුල වැඩිම ලකුණු නොලබා දැවී යාම් අතර දෙවනි තැනට අද හිටපු ඉන්දීය නායක කෝලි පත්විය.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී ලකුණු නොලබා දැවී යාමත් සමඟිනි.
ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියාද වන කෝලි ඉන්දියාව වෙනුවන් ජාත්‍යන්තර තරඟ 450 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී 31 වතාවක් කෝලි ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
තරඟ 14 ට වරක් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කල මුල් පෙල පිතිකරුවන් අතර වැඩම ලකුණු නොලබා දැවී යාම් ගණනකට හිමිකම් කියන්නේ සචින් තෙන්ඩුල්කා ය.
තරඟ 664 කදී 34 වරක් ලකුණු නොලබා ඔහු දැවී ගොස් තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval