මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩු කර ඊයේ (25 දා) පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පවත්වා ඇත.
2010 ජනවාරි 24 වැනිදා රාති‍්‍රයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා කොළඹ ආසන්න ප‍්‍රදේශයකදී පැහැර ගැනීමට ලක්වී තිබේ. එම පැහැර ගැනීමට එරෙහිව ඇය වසර 12 ක් පුරා අඛණ්ඩ අරගලයක නිරත වෙමින් සිය සැමියාට යුක්තිය ඉටු කර ගැනීම සඳහා අරගලයක නිරත වී සිටින්නීය.
මෝදර කාලි කෝවිල අසල මුහුදු වෙරළේදී ඇය සිය දිගු වරලස කපා හිස මුඩු කර ගත්තාය. ඉන්පසු කළු පැහැති ඇඳුමකින් සැරසී කාලි කෝවිල වෙත පැමිණ ඇය සිය සැමියා වෙනුවෙන් විරදම් පූජාවක් පැවැත්වූවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval