කළගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජනබල නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය
මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් සමාගම බව ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දන්වා සිටියේය.
දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු රත්මල් අසිත කුමාර විජේරත්න බවත් මිරිස්වත්තේ පදිංචිකරුවෙකු බවත්ය. මොහු නම වෙනස්කරගෙන සිටින නමගිය අපරාධකරුවෙකු බවත් 2010 නොවැම්බර් මස නම වෙනස්කර ඇති බව දත්ත හමුවී ඇති බවත්ය.
දෙවැනි පුද්ගලයා ගම්පොළ පදිංචි ආනන්ද බන්ඩාර බවත් දෙන්නාම හමුදා සේවයෙන් විශ්‍රාම ලබා පසුව මේ දක්වා ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ සේවය කරන අය බවත් මෑතකාලීනව එහි සේවය කරමින් සිටියදී ලබාගත් ඡායාරූප හමුවී ඇති බවත් පෙන්වා විස්තර කළේය.
ඒ අනුව මෙය ඇවන්ගාර්ඩ් වැඩක් බව පැහැදිලි යයි විජිත හේරත් මන්ත්‍රීවරයා දන්වා සිටියේය.
සැකකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval