වැලිගම වෙරළ තීරයේ දර්ශන ලබා ගැනීමට අනවසරයෙන් ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉන්දීය ජාතික යුවලකට රුපියල් 50,000 දඩයක් නියම කර තිබෙයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ඊයේ (06දා) ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින බව කියන පුද්ගලයන් දෙදෙනාට මෙම දඩ මුදල නියම කළේය.
මෙම යුවළ මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් වැලිගම වෙරළ තීරයේ ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කර ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබේ.
වැලිගම වෙරළ තීරයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කිරීමේ චෝදනාව මත වැලිගම පොලිසිය විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබුණි.
සිවිල් ගුවන් සේවා පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ඔවුන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval