මතභේදයකට ලක්වූ කාබනික පොහොර නැවට අදාල මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛණ ගතකර තිබූ මහජන බැංකුව එම අසාදුගත කිරීමෙන් ඉවත් කර ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මහජන බැංකුව මෙසේ අසාදු ලේඛනගත කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදීයි.
මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායකයින්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගනු ලැබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval