ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 75 දෙනෙකු මෙරටදී හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටියි.
පසුගිය 15 වනදා දිනයේදී සිදුකළ ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගනු ලැබුණි.
ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ මෙවර වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් සියලු දෙනාම මෙරට සමාජයෙන් හමුවූ බවයි. එහිදී BA 1 යන ඔමික්‍රෝන් අනුප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පැරකුඩාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්ය.
එමෙන්ම BA 2 යන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මගියෙකුගෙන් බව ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කලේය.
මිට අමතරව B .1.1.529 කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයින් 7දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් වාර්තා වී ඇත්තේ අංගොඩ, කොළඹ, රුවන්වැල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවලින්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval