ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.
රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ප්‍රනාන්දු මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු මීට පෙරද හෙබවීය.
ඔහු පෙබරවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්ව ඇත.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
විදුලි බල මණ්ඩලය මගින් සැපයෙන සේවාව විශාල අර්බුදයකට ලක්ව ඇති පුසබිමේ මෙම ඉ්ලාල අස්වීම සිදුවේ.
මීට පෙර ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න,දුම්රිය ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්න.කෘෂිකර්ම ප්‍රශ්න ගෑස් ප්‍රශ්න ආදී එකී නොකී ප්‍රශ්න පැනනගින අතරවාරයේ ලේකම්වරු සභාපතිවරු මාරුවීම හා ගැසට් රිවස්වීම් සිදුවූ අතර එවැනි මාරුකිරීම් පමණක් සිදුවුවත් ප්‍රශ්න විසඳී නැති අතර මේවා මේවනවිට සුලබ ලක්ෂණ බවට පත්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval