විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලවලට නොගෙන්වා දිගටම ඔන්ලයින් ක්‍රමය  සිදු කරනු ලබන් විශ්වවිද්‍යාලවලට සිසුන් එකතු වුවහොත් වත්මන් රජයට එරෙහිව විරෝධතා එල්ල විය හැකි බවට ඇති බිය නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ මහතා පැවසීය. ඔහු මෙසේ කීය.

'' මේ වනවිට මෙරට සියලුම පාසල්, ප්‍රවාහන සේවා, රජයේ උත්සව විවෘත කිරීම්, ක්‍රීඩා තරග සියල්ලම නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් තිබියදී විශ්වවිද්‍යාලවල සිසුන්ට පමණක් අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙන්නේ ඔන්ලයින් ක්‍රමය යටතේයි.



ඒ හේතුවෙන් සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම්, සායනික පුහුණුවීම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගි වන සිසුන්ට ඒ සියල්ලක් මගහැරී ගොස් තිබෙනවා. මේ තත්ත්වය මත බොහෝ විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර විදේශගත වීමටත් විවිධ රැකියා වලට යොමු වීමටත් පෙළඹී සිටිනවා. මර්දනයේ එක් අදියරක් වශයෙන් රජය විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලවලට ගෙන්වීම හිතා මතා මග හරිමින් සිටිනවා. රජයේ එවැන්නකට පෙලඹී තිබෙන්නේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඒකරාශි වුවහොත් රජයට එරෙහිව විරෝධතා නවත්වීමටයි.ඉකුත් රජය මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ වේදිකාවේ කියවු මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 7000ක් කරනවා කියලයි.



එම මුදල කෙසේ වෙතත් පසුගිය මහපොළ සිසු ආධාර වාරික 05ක් සිසුන්ට මේ වනතුරුත් ලැබී නැහැ. එම හිග වාරික වහාම සිසුන්ට ලබා දෙන ලෙස අපි රජයට බල කර සිටිනවා. ඒ පිළිබද දැනුම් දීමට ගිය විට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු පවසා සිටියේ ජනවාරී 15වැනිදාට පෙර එම සියලු ශිෂ්‍යාධාර ලබා දෙන බවයි. නමුත් එය මේ වනතුරුත් ලැබී නැහැ.

2022 අයවැයේවත් නොතිබුණ රුපියල් 5000 දීමනාවක් රජ්ජයේ නිලධාරීන්ට ගෙවනවා වගේ අපිට මේ හිග මුදල් එපා. ඒවා ගහන් බියගම මුදල් ෆැක්ටරියේ. මෙහෙම මුදල් අච්චු ගහලා හාල් කිලෝ එකක්, මස් කෑල්ලක් ගත්ත විල්බැරෝ එකක සල්ලි ගෙනියන්න වෙයි. නිශ්චිත ක්‍රමවේදයකට අනුව එම මුදල් ලබා දෙන ලෙස අපි රජයට බල කරනවා. පසුගිය රය පවතිද්දී වත්මන් රජයේ ඉත්ත අය චෝදනා කළා මහපොළ භාරකාර අර්බුදලේ මහා පරිමාණ වංචාවක් සිදුවී ඇති බවට.අපි කියා සිටිනවා. ඒ පිළිබදව විමර්ශනයක් සිදු කර එම වංචාව සිදු කළ අයගෙන් එම මුදල් අය කර ගන්නා ලෙස.”