ගම්පහ කොළඹ කොවිඩ් ශීඝ්‍ර වර්ධනයක් - වැඩිදෙනෙකුට රෝග ලක්ෂණත් නෑ - වෛද්‍ය සුදර්ශනී

Ad Code

ගම්පහ කොළඹ කොවිඩ් ශීඝ්‍ර වර්ධනයක් - වැඩිදෙනෙකුට රෝග ලක්ෂණත් නෑ - වෛද්‍ය සුදර්ශනී

Gampaha-Colombo---Most-people-have-no-symptoms--Dr-Sudarshani

අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් 19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනාවරණය කළාය.



ගම්පහට පසුව වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද
කොරෝනා වයිරසයේ Omicron ප්‍රභේදය මගින් සීඝ්‍ර ව්‍යාප්තිය ඇති වීයයි සැක කරන බවද පවසන ඇය, ආසාදනය වූවන්ගෙන් බහුතරයක් බොහෝ දුරට රෝග ලක්ෂණ නොමැති බව සටහන් කර ඇති බව පැවසුවාය.

රෝග ලක්ෂණ නොමැති ආසාදන වැඩිහිටි පුද්ගලයින්ගේ සහ වෙනත් දිගු කාලීන සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවට ඇය අනතුරු ඇඟවීය.

රටෙහි දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බැවින් මහජනතාව එහා මෙහා යාමට පටන් ගෙන ඇති බව පැවසූ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ එය වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි.



රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතයින් ප්‍රවේශවීමේ ප්‍රමාණය 10% කින් ඉහළ ගොස් ඇතැයි රෝහල් වාර්තා කර ඇති අතර, කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවයේ 08% ක වැඩිවීමක් සටහන් වී ඇති බවයි.

මහජනතාව කොවිඩ් රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති බව අවධාරණය කළ ඇය, මංගල උත්සව නැවත වරක් කොවිඩ් ආසාදන සඳහා උණුසුම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව පැවසුවාය.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කොවිඩ් රෙගුලාසි පිළිපදින ලෙස රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu