Measures-against-tourist-destinations-labeled-Only-to-foreigners

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පැවසුවේ රට තුළ ‘විදේශිකයන්ට පමණයි’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතන ගැන පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි. එවැනි සීමාකම් නීතියට පටහැණි බැවින් එවැනි සඳහන් කිරීම් සහිතව සංචාරකයින්ට දැනුම් දීම් සහ  දේශීය අය වෙන්කරවා ගැනීමෙන් වැළකී සිටින සංචාරක ආයතනවලට එරෙහිව පියවර ගන්නා බව  SLTDA පවසයි.




 මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු කරන ඇතැම් වෙන්කිරීම් වලදීද මෙම අසමාන සැලකීම වාර්තාවී ඇති අතර එවැනි ආයතන වලට අවවාදාත්මක දැනුම් දීම හෝ  බලපත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සිදු කරනු ඇති බව දන්වා ඇත. දැනටමත්  ඇතැම් සංචාරක ආයතනවලට එරෙහිව පියවර ගෙන ඇති බව SLTDA පවසයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව ඇතැම් සංචාරක ආයතන විසින් අනුගමනය කරන වෙනස්කොට සැලකීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ගණනාවක් පසුගිය කාලයේ වාර්තාවී තිබේ.
“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතිය ලබා දී ඇත. එහිදී, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි හේතු මත කිසිඳු පුද්ගලයෙකු කඩ සාප්පු, පොදු ආපනශාලා, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන  සහ ආගමික ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසියම් ආබාධයකට, වගකීමකට, සීමාවකට හෝ කොන්දේසියකට යටත් නොවිය යුතුය.” SLTDA පැවසීය.



දුෂ්කර කාලවලදී දේශීය සංචාරකයින් සංචාරක කර්මාන්තය සමඟ සිට ඇති බව SLTDA පැවසීය. "අපගේ කර්මාන්තයට මුළු කාලය පුරාම සහාය දුන්නේ අපේ පුරවැසියන්. ඒ සඳහා කර්මාන්ත පාර්ශ්වකරුවන් ලෙස අප කෘතඥ විය යුතුයි” යැයි ඔවුහු පැවසූහ.

ඔවුන් වෙනස් කොට සැලකීම් කර ඇති බව පෙනී ගියහොත්, වෙන්කරවා ගැනීමෙන් වළකින ලෙසත් පැමිණිලි කරන ලෙසත් අධිකාරිය ප්‍රකාශ කළේය.