නාවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් ඔමික්‍රොන් අසාදිතයෙකු හමු වි ඇති බව නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
අසාදිතයා ඉන්දියානු ජාතිකයෙකු බවත්, අසාදිතයා ශ්‍රි ලාංකික කාන්තාවක් සමග විවාහ වී නාවලපිටිය නවතිස්පනේ හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, ඉකුත් (28) දින ඉන්දියානු ජාතිකයා නැවත විදේශගත විම සදහා සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයකදි ඔහු ඔමික්‍රොන් අසාදිතයෙකු බවට තහවුරු විමෙන් පසු එහි සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරිමෙන් පසු ඉන්දියානු ජාතිකයාට ඔමික්‍රොන් වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
අසාදිතයා අවසන් වරට උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති බවත්, අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයකදි අසාදිතයාගේ බිරිදට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බව නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
හැටන් රංජිත් රාජපක්ෂ
Comments
Post a Comment
Your comment will be visible after approval