bhanuka-rajapaksa-resign

භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉතා විශිෂ්ට අනාගතයක පෙරනිමිති පහළ කළ මෙම ක්‍රීඩකයාගේ සමුගැනීම ශ්‍රි ලංකාවට අවාසි සහගත තත්වයකි. මෙම තීරණය ගැන නැවත සලකා බලන ලෙස ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංගද ඉල්ලීමක් කර ඇත.
මුලින් වාර්තාවල පළවූයේ මෙම ක්‍රීඩකයා ශාරීරික යොග්‍යතාව සම්බන්ධ ක්‍රිකට් ආයතනයේ නව රෙගුලාසි වලට ටිරෝධය පළ කරමින් ඉවත්වන්නට සැරසෙන බවකි. භානුක රාජපක්ෂගේ මෙම ඉල්ලීම පිටුපස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය

දැඩි කරමින් කිලෝමීටර දුර ප්‍රමාණය මිනිත්තු 8 කුත් තප්පර 10ක කාලයක් තුළ සිදු කිරීමත් Skin Folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන කාරණයත් සැලකිල්ලට ගෙන තිබෙන බව ක්‍රිඩා මාධ්‍ය අනාවරණය කර තිබුණි.
නමුත් අද(5) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා සිටියේ භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බවත් ලිපිය සඳහන් කර ඇත්තේ
පෞද්ගලික හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉල්ලා අස්වීමට හේතු වශයෙන් භානුක දැනුම් දී තිබෙන බවයි. ඔවුන් ලිපියේ උපුටනයක්ද ගෙන හැර දක්වා ඇත.



“මම ක්‍රීඩකයෙකු වගේම ස්වාමිපුරුෂයකු ලෙසින් මෙම තීරණය ගනු ලැබුවා. මම මේ තීරණය ගනු ලැබුවේ පිය පදවියත් එක්කම වූ ඒ ආශ්‍රිත පවුලේ වගකීමේ අපේක්ෂාවෙන්” යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙ භානුක සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව එහි දැක්වේ.
භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් නව යෝග්‍යතා පරීක්ෂණ ගැන ලිපියේ සඳහන් කර ඇති වගක්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් සවස නිකුත් කළ නිවේදනයේ නැත.