පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල පළමු වසරේ සිට 13 වැනි වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.
රට පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් පාසැල් පැවැත්වුණේ, කොවිඩ් 19 නව සාමාන්‍යකරණ තත්ත්වයන් යටතේ යි.ඒ අනුව පන්ති කාමරවල පහසුකම් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සීමාවන් පැනවී තිබුණි.මේ හේතුවෙන් සිසු දරු දැරියන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බොහෝ පාසැල් පවත්වනු ලැබුවේ,
කණ්ඩායම් ක්‍රමයටයි.නව තත්ත්වයන් යටතේ ලබන සඳුදා සිට එම සියලු සීමාවන් අහෝසි වනු ඇති.
කෙසේ වෙතත්, කොවිඩ් 19 සඳහා වන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වන මුහුණු ආවරණ පැළඳීම , නිරන්තරයෙන් දෑත් පිරිසිදු කර ගැනීම, හැකි සෑම අවස්ථාවක දී ම දුරස්ථභාවය රඳවා ගැනීම ආදී කරුණුවලට තවදුරටත් දැඩිව අනුගත විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval