තම ස්ථාන මාරුව පිළිබඳව විරෝධය පළ කිරීම සඳහා අනුරාධපුර සාංචි විහාරස්ථානයේ ආවාස ගෙය දොරටුවට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණ බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරීයකගේ වැඩ තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම වැඩ තහනම පෙරේදා (4) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත්තේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි විසිනි.
මෙසේ වැඩ තහනම් කෙරුණේ මිහින්තලේ. රාජ මහා විහාරස්ථාන පොලිස් මුර පොළේ සිටිමින් රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියකගේය. මෙම පොලිස් පොළේ විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි මෙම පොලිස් කොස්තාපල්වරියට ස්ථාන මාරුවක් ලැබී ඇති බවත් ඊට විරෝධය පළකිරීමක් ලෙස මිහින්තලය රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වැඩ වාසය කරන සාංචි විහාරස්ථානයේ ආවාස ගෙය දොරටුවට පහර දී කලහකාරී ලෙස හැසිරී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.මෙය විෂමාචාර ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කර එම පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කළ බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval