Virat-Kohli-resigns-as-Test-captain-after-losing-to-South-Africa

ඉන්දීය ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩක 33 හැවිරිදි විරාට් කෝ​ලි එරට ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ සඳහා ආසන්න වශයෙන් බලපා ඇත්තේ දකුණු අප්‍රිකාව සමග ඉන්දියාව ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියේ දරුණු පරාජයකට මුහුණදීමය.




කෝලි 2015 සිට වසර 7 ක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නේය. පසුගිය වසරේ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම් මෙහෙයවීමෙන් ඉවත් වූ ඔහු වාර්තාගත ටෙස්ට් තරග 68කදී ඉන්දියාවට නායකත්වය දුන් අතර, තරග 40ක් ජයග්‍රහණය කළේය – ඉතිහාසයේ ඕනෑම ටෙස්ට් නායකයකුගේ සිව්වැනි හොඳම වාර්තාව ඔහු සතුය.


“කණ්ඩායම නිවැරදි මාවතකට ගෙනයාම සඳහා සෑම දිනකම වෙහෙස මහන්සි වී, නොපසුබට උත්සාහයෙන් වැඩක​ර වසර හතක් ගත වී ඇත,
මම එම කාර්යය අවංකව ඉටු කර ඇති අතර එහි කිසිවක් ඉතිරි නොකරමි. යම් අවස්ථාවක දී සියල්ල නතර විය යුතු අතර ඉන්දියාවේ ටෙස්ට් නායකයා ලෙස මට එය දැන් සිදු වේ.”  කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.
කෝලි නිවේදනය නිකුත් කළේ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී ඉන්දීය පිල කඩුලු 7කින් පරාජයට පත්වීමෙන් දිනකට පසුවය .