කටාර් සිට උගන්ඩාව බලාගිය යානයේ දරු උපතක්

Ad Code

කටාර් සිට උගන්ඩාව බලාගිය යානයේ දරු උපතක්

Birth-of-a-child-on-a-flight-from-Qatar-to-Uganda

කටාර් සිට උගන්ඩාව දක්වා රාත්‍රී පියාසර කරමින් සිටි මගීන්ගෙන් යුත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුවීමේ විරල සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ආශ්චර්යමත්” ළදරුවෙකු ප්‍රසූත කිරීමට උදව් කළේ  යානයේ ගමන් කළ වෛද්‍යවරුන් දෙන්නෙකු හා හෙදියකි.


යානයේ ගමන් කරමින් සිටි ගැබිණි මවට දරු ප්‍රසූතියට දින යෙදී තිබුනේ ඉදිරි කාලයක වන නමුත් ගුවන් ගතවීම ආරම්භවූ පසු ඇයට අමාරු විය. එම අවස්ථාවේ යානයේ කපිතාන්වරයා ඇතුළත පණිවිඩ මයික්‍රෙෆා්නයෙන් දන්වා සිටියේ මෙම මවට උදව් කළ හැකි අය වෙතොත් ඉදිරිපත්වන ලෙසය. ඒ අනුව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන වෛද්‍ය අයිෂා ඛතිබ්, දේශසීමා රහිත ලාභ නොලබන වෛද්‍යවරුන්ගේ සංගමයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකෙ හා හෙදියක ඒ සඳහා ඉදිරිපත් වී තිබේ.

"රෝගියා වටා විශාල පිරිසක් රැස්ව සිටියා.මම ළං වූ විට, මෙම කාන්තාව ආසනය මත වැතිර සිටියා. මවගේ පාද ජනේලය දෙසට තබාගෙන සිටියා. එතකොට බබා එළියට එනවා! අපට උදව් කරන්න සිදුවුනේ අන්තිම මොහොත්.ඒත්කිසිම කරදරයකින් තොරව සියල්ල සිදුවුණා. මව දරුවා දෙන්නම හොඳින්‘  වෛද්‍ය අයිෂා ඛතිබ් සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය වෙත විස්තර කළාය.
"ඉතින් අපි සුභ පතනවා මේ ගැහැණු ළමයෙක්' දරුවාඑළියට ආ විගස මුළු ගුවන් යානයම අත්පුඩි ගසා ඔල්වරසන් දෙන්නට පටන් ගත්තා,
මේක හැමදෙනාටම අමතක නොවන අත්දැකීමක්.
මෙම සංසිද්ධිය හේතුවෙන් ගුවන් ගමනේ ගැටලුවක් මතු නොවූ අතර මව හා ළදරුවා උගන්ඩාවේ රෝහලක් වෙත පසුව ඇතුළත් කෙරිණි.
(නිව්යෝර්ක් පෝස්ට් ඇසුරිනි - Gossiplankanews.com)











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu