අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

Ad Code

අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

The-Prime-Minister-pays-homage-to-the-Jaya-Sri-Maha-Bodhi

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.


අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය  පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.
කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්‍ෂා නොකර ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවට මං මාවත් පිළිසකර කරමින් ගල් අතුරා අලංකාර කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අටමස්ථානාධිපති අතිපූජ්‍ය  පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිහිපත් කළහ.


අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.  හේමරතන නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිය දොළොස් වසරක ගී අස්වැන්න ඇතුළත් “සඳ මඬල වී” ගීත ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්නූහ. අග්‍රාමාත්‍යතුමා රුවන්වැලි මහ සෑය වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවය.
අග්‍රාමාත්‍යතුමා පසුව සඳහිරු සෑය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත විය.
අග්‍රාමාත්‍යතුමා ඉන් අනතුරුව  අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද කරමින් මෙසේ පැවසූහ.
ත්‍රස්තවාදී ප්‍රශ්නයේ දී ඔබතුමා මේ රට ජය ගන්න කොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බේදයක් නැතුව රටේ සියලු දෙනාම එකට එකතු වෙලා එය කළේ. අපේ ජනාධිපතිතුමා, ඔබතුමා මේ රට එක්  සේසත් කරාට පස්සේ එදා සිංහ කොඩි අරගෙන සියලු ජාතීන් එකට පාරට බැස්සා.


 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu